අකුරණ, දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක අද (11) අලුයම 4.30 ට පමණ හටගත් හදිසි ගින්නකින් එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.
නිවැසියන්ගේ කෑ ගැසීම් ඇසී පැමිණි ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ගින්න පාලනය කර, නිවසේ ජනේලයක් කඩා තුවාල ලැබූවන් බේරාගෙන රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුට බරපතල පිළිස්සුම් තුවාල සිදුව ඇති අතර, අනෙක් දෙදෙනාට ගින්නෙන් හටගත් දුම ආශ්වාස කිරීම හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති වී ඇත. ගින්නෙන් නිවසට සහ ගෘහ භාණ්ඩවලට දැඩි අලාභහානි සිදුවී තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














