ලබන ඉරිදා (පෙබරවාරි 15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දියා – පාකිස්ථාන විස්සයි-20 ලෝක කුසලාන තරගයේ ප්‍රවේශ පත්‍ර කළු කඩයේ රුපියල් 100,000ක් වැනි අධික මිලකට අලෙවි වන බව වාර්තා වේ. පවතින දැඩි ඉල්ලුම හමුවේ ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට ඇති අපහසුව මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම තත්ත්වයත් සමඟ ඉන්දියාවේ ප්‍රධාන නගරවල සිට කොළඹ දක්වා වන ගුවන් ගමන් ගාස්තු ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මුම්බායි සිට කොළඹ දක්වා ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 60,000ක් දක්වා වැඩි වී ඇති අතර, දිල්ලි සිට කොළඹ දක්වා ගාස්තු රුපියල් 40,000 – 45,000ත් අතර පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දේශපාලන හේතූන් මත මෙම තරගය වර්ජනය කිරීමට පාකිස්ථානය මුලින් තීරණය කළ ද, එරට රජයේ නියෝගය මත ඔවුන් තරගයට සහභාගී වීමට එකඟ වී තිබේ. පාකිස්ථානයේ මෙම තීරණය වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සිය ප්‍රසාදය පළ කර ඇති අතර, මෙම එකඟතාවය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) සිදු වීමට ගිය ඩොලර් මිලියන 174ක දැවැන්ත ආදායම් පාඩුවක් ද වැළකී ගොස් ඇත.














