2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමතරව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම. පෝස්ටර්, බැනර් සහ අත්පත්‍රිකා මගින් විභාග ප්‍රශ්න ලබාදෙන බවට ප්‍රචාරණය කිරීම. විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරණ කටයුතු ද සපුරා තහනම් වේ.
මෙම නියෝග උල්ලංඝනය කරන පුද්ගලයන් හෝ ආයතන පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.













