ඉරානය සිය කොන්දේසිවලට අවනත නොවන්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හරහා පරමාණු බෝම්බ නිපදවන බවට ඇමරිකාව චෝදනා කරන අතර, යුරේනියම් බලගැන්වීම් නතර කරන ලෙසත්, දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලීම් සිදු නොකරන ලෙසත් ඉරානයට කොන්දේසි පනවා ඇත.
මෑතකදී ඕමානයේ මස්කට් නුවරදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳව ඉරානය සුභවාදී අදහස් පළ කළද, ට්‍රම්ප් පාලනය සිය දැඩි ස්ථාවරය තවදුරටත් අවධාරණය කර තිබේ.













