ආරච්චිකට්ටුව, කරුකුපනේ ධීවර ගම්මානය දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන මෙම ගම්මානය, මෙරට කරවල නිෂ්පාදනයේ සහ මිරිදිය ඉස්සන් ව්‍යාපාරයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් වැටි යෙදීම ආරම්භ කර තිබුණද, එය තාවකාලික පිළියමක් පමණක් බව ගම්වාසීහු පවසති. වසර ගණනාවක සිට සිදුවන මෙම ඛාදනය හේතුවෙන් වෙරළ තීරයේ තිබූ කරවල වාඩි සහ ගොඩනැගිලි රැසක් දැනටමත් මුහුදට බිලිවී අවසන්ය. නිසි ස්ථීර විසඳුමක් නොලැබුණහොත්, මහ මුහුද සහ හැමිල්ටන් ඇළ එකිනෙකට යා වී මුළු ගම්මානයම සිතියමෙන් මැකී යා හැකි බවට ඔවුහු අනතුරු අඟවති.














