2014 වසරේ කොම්පඤ්ඤවීදියේ පැවැති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව මාර්තු මස 11 වැනිදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (11) නියෝග කළේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැඩි අවවාද කළ අතර, වසර 11ක් තිස්සේ නීතිපති උපදෙස් ලබා නොගැනීම අසාධාරණ බව පෙන්වා දුන්නේය. දඬුවම් නියම කළේ නම් එම කාලයද දැනටමත් අවසන් වීමට ඉඩ තිබූ බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, ප්‍රමාදයට හේතුව ලබන නඩු වාරයේදී දැනුම් දෙන ලෙසත්, සාක්ෂි නොමැති නම් සැකකරු නිදහස් කරන ලෙසත් නියෝග කළේය.














