ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ආගමක් දහමක් කෙරෙහි විශ්වාසයක් නොමැති පුද්ගලයින්ට වෙනත් අයෙකුගේ භාෂාවක්, ආගමක් හෝ සංස්කෘතියක් ආරක්ෂා කිරීමට හැකියාවක් නොමැති බවයි. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු අවධාරණය කළේ තමන් සිංහල බෞද්ධයින් ලෙස බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවන බවයි. බෞද්ධ පදනම මත ගොඩනැගී ඇති මෙම රටේ සියලු ආගම් සහ සංස්කෘතීන් ආරක්ෂා කිරීමට තමන් කැපවී සිටින බවත්, බහුතර බෞද්ධ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් කිසිසේත් බිය නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














