කාන්තාවන් ආර්ථික සහ සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන සේවාවන් වඩාත් ගුණාත්මක කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයට අනුබද්ධිත ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (09) බත්තරමුල්ල “සුහුරුපාය” පරිශ්‍රයේදී පැවැත්විණි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුවේදී, කාන්තාවන් මුහුණ දෙන අභියෝග සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සහ විෂය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පැවැති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ වනිතා සංවර්ධන නිලධාරීන් රැසක් සහභාගී වූහ.














