එක්සත් රාජධානිය විසින් ශිෂ්‍ය වීසා රෙගුලාසි දැඩි කිරීමත් සමඟ එරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන ශ්‍රී ලාංකික සිසුන්ගේ සංඛ්‍යාව 36%ක කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කරන බව Apply Board Inc ආයතනයේ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙය ලොව දෙවැනියට වැඩිම පහත වැටීම ලෙස වාර්තා වන අතර, මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර සිසුන්ට සිය යැපෙන්නන් (Dependents) එරටට රැගෙන ඒම පාලනය කරමින් පනවා ඇති නව නීතිරීතියි. සාම්ප්‍රදායිකව පවුලේ සාමාජිකයන් සමඟ උසස් අධ්‍යාපනයට විදේශගත වීමට සැලසුම් කළ ලාංකික සිසුන් මෙම තත්ත්වය හමුවේ අධෛර්යමත් වී ඇති අතර, ඔවුන් මේ වන විට පර්යේෂණ පාඨමාලා කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීමට හෝ විකල්ප රටවල් තෝරා ගැනීමට යොමු වෙමින් සිටිති.














