ගම්පහ, යක්කල ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම සිසුන් පිරිසක් එල්ල කළ දරුණු පහරදීමක් හේතුවෙන් අදාළ සිසුවා රෝහල්ගත කර තිබේ. පහර කෑමට ලක්වූ සිසුවා මුලින් වතුපිටිවල රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලටත් ඇතුළත් කර ඇති අතර, පහරදීම සම්බන්ධයෙන් පාසලේ ගුරුවරියක දැනුවත් කළ ද ඇය පවසා ඇත්තේ මේ පිළිබඳව දෙමාපියන්ට පැවසුවහොත් සිසුවා පාසලෙන් ඉවත් කරන බවයි. දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු ගුරුවරුන් මෙලෙස තර්ජනය කරමින් සිද්ධිය සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පියා විසින් බෙම්මුල්ල පොලිසියට සහ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.














