නිල්වලා ගඟ හරහා ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් වගා හානි සිදුවූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන් රුපියල් මිලියන 1200ක වන්දි මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 2019 වසරේ සිට ගංවතුර තත්ත්වයන් නිසා සිය වගාබිම් විනාශ වන බවට ගොවීන් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමින් 2026 අයවැය මගින් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා වූ කන්න 7ක වගා හානි සඳහා මෙම වන්දි හිමිවන අතර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා අදාළ මුදල් ගොවීන් වෙත ලබාදීමට කටයුතු යොදා තිබේ.














