නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම පනත සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පෙබරවාරි 28 වනදා දක්වා කාලය ලබා දී ඇති බවයි. එම යෝජනා සාධනීය ලෙස සලකා බැලීමෙන් අනතුරුව පනතේ ඉදිරි කටයුතු සිදු කරන බවට ඔහු සහතික විය. මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ තානාපති කාමෙන් මොරේනෝ මහත්මිය ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.














