හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ලබන පෙබරවාරි මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර සිටි ඒකනායක මහතා පසුගියදා අත්අඩංගුවට ගත් අතර, අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.














