මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් ‘දීගල සමන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (11) පියවර ගෙන ඇත. අවිස්සාවේල්ල, දෙහිඕවිට ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ඔහුගේ අනියම් බිරිඳගේ නමට මිලදීගෙන තිබූ අතර, එය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ.














