අද (11) රාත්‍රියේ පැවැත්වුණු 2026 පාකිස්තාන සුපිරි ලීග් (PSL) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු විවිධ කණ්ඩායම් විසින් මිලදී ගනු ලැබූ අතර, එහිදී කුසල් මෙන්ඩිස් මෙවර වෙන්දේසියේ වැඩිම මිලක් හිමිවූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් විය. ඔහු පාකිස්තාන රුපියල් කෝටි 4.2ක මුදලකට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 47ක් පමණ) Peshawar Zalmi කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.
මීට අමතරව, ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පාකිස්තාන රුපියල් කෝටි 3.1කට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 35ක් පමණ) HH Kingsmen කණ්ඩායම විසින් ද, දසුන් ශානක පාකිස්තාන රුපියල් ලක්ෂ 75ක මුදලකට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 8.4ක් පමණ) Lahore Qalandars කණ්ඩායම විසින් ද මිලදී ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තර විස්සයි20 ලීග් තරගාවලිවල දක්වන දක්ෂතා මෙම ඉහළ වටිනාකම් හිමිවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.













