කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මෘත දේහයන් ආදාහනය කිරීම සහ භූමදානය කිරීම සඳහා මෙතෙක් අය කරන ලද සියලුම ගාස්තු සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට තීරණය කර තිබේ. කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය විසින් පෙරේදා (10) පැවැති මහා සභා රැස්වීමේදී මේ බව නිල වශයෙන් දැනුම් දුන් අතර, ඒ අනුව ආදාහනය සඳහා අය කළ රුපියල් 10,000ක ගාස්තුව සහ ඉස්ලාම් ආගමික භූමදානයන් සඳහා අය කළ රුපියල් 7,500ක ගාස්තුව මින් ඉදිරියට අය නොකෙරේ. මෙම සහනය මෙවර අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබූ අතර කොළඹ නගර සභා සීමාවේ වෙසෙන ජනතාවට ඉන් විශාල මූල්‍ය සහනයක් හිමිවනු ඇත.














