පෞද්ගලික අංශය සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වල බලය රජය විසින් නාවික හමුදාව වෙත පැවරීමෙන් පසු, ගතවූ මාස 04ක කාලය තුළ පමණක් ඇමරිකානු ඩොලර් 598,250ක සෘජු විදේශ විනිමය ආදායමක් රජයේ ඒකාබද්ධ ගිණුමට බැර කර ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි. මීට පෙර ඇවන්ගාඩ් වැනි පෞද්ගලික සමාගම් යටතේ පැවති මෙම මෙහෙයුම් හරහා උපයන ලද ඩොලර් ආදායම එම සමාගම් සතු වූ අතර, රජයට සහ නාවික හමුදාවට ඉන් ලැබී ඇත්තේ රුපියල්වලින් ගෙවන ලද ඉතා සුළු කොටසක් බව නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.
2025 ඔක්තොම්බර් මස 03 වනදා සිට 2026 පෙබරවාරි 10 වනදා දක්වා කාලය තුළ මෙහෙයුම් 323ක් සිදුකරමින් මෙම ආදායම උපයා ඇති අතර, දැනට විදේශීය ආරක්ෂක සමාගම් 32ක් නාවික හමුදාව සමඟ ගිවිසුම්ගතව සිටී. විශේෂයෙන් රතු මුහුද ආශ්‍රිතව පවතින ආරක්ෂක තර්ජන හමුවේ වෙළෙඳ නෞකාවලට අවශ්‍ය සන්නද්ධ ආරක්ෂකයින් සහ අවි ගබඩා පහසුකම් සැපයීම නාවික හමුදාව විසින් ස්වාධීනව සිදු කරනු ලබයි. ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීම හරහා ඉදිරියේදී මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













