මුලතිව් දිස්ත්‍රික්කයේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකළ නව “මෙගා කෝප්සිටි” සංකීර්ණය ඊයේ (11) ජනතා අයිතියට පත් කෙරුණා. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී රුපියල් මිලියන 30ක වියදමින් නිමකළ මෙම නවීන වෙළෙඳ සංකීර්ණය විවෘත විය. මුලතිව් නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසීන්ට සහ ව්‍යාපාරිකයන්ට උසස් වෙළෙඳ පහසුකම් රැසක් හිමිවනු ඇත.














