විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් රටේ සංවර්ධන ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීම රජයේ අරමුණ බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි. ගංගොඩවිල ආදර්ශ ප්‍රාථමික විද්‍යාල භූමියේ අභිනවයෙන් ඉදි කළ “විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ශ්‍රී ජයවර්ධනපුර කලාපීය සම්පත් මධ්‍යස්ථානය” විවෘත කරමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.














