ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුසියාවේ නිෂ්පාදිත ෂොට්ගන් (Shotgun) වර්ගයේ ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගිනි අවිය සහ මත්ද්‍රව්‍ය තොගය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඇල්ටෝ ධර්මේ’ නමැත්තාට අයත් ඒවා බවයි. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිටින්නෙකු බවට හඳුනාගෙන ඇති අතර, සොයාගත් රුසියානු නිෂ්පාදිත ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. දැනට විදේශගතව සිටින බවට සැක කෙරෙන ‘ඇල්ටෝ ධර්මේ’ සහ මෙම සැකකරු අතර පවතින සබඳතා පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.














