රුසියාව සමඟ පවතින යුදමය තත්ත්වය හමුවේ කල්දමා ඇති යුක්රේන ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වැදගත් ප්‍රකාශයක් කර තිබේ. රුසියාව සමඟ සටන් විරාමයකට එළඹීමට හැකි වන්නේ නම් සහ බටහිර රටවල් යුක්රේනයේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දෙන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඉඩ දෙමින් මැතිවරණය පැවැත්විය හැකි බව ඔහු අවධාරණය කරයි.














