මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණය සහ අඟුලාන බහින තොටුපළ කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව සහ පොලිසිය අද (12) අලුයම ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම වැලලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13,820ක්, හෙරොයින් මිලිග්‍රෑම් 180ක් සහ ප්‍රී ගැබ් (Pre-gab) මත්ද්‍රව්‍ය කරල් දෙකක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු සහ එක් සැකකාරියක අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන පුද්ගලයින් වන අතර, ඒ අතර පොලිසියට අත්‍යවශ්‍යව සිටි වරෙන්තුකරුවන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ. මොරටුමුල්ල, අඟුලාන, මොරටුව, එගොඩඋයන, මත්තේගොඩ සහ කහතුඩුව යන පොලිස් ස්ථානයන්හි නිලධාරීන් නාවික හමුදාව සමඟ එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර, සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඟුලාන පොලිසිය මගින් සිදුකරනු ලබයි.














