ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය (International Buddhist Confederation – IBC) විසින් සංවිධානය කරන ලද “Friends of IBC Reunion” මිතුරු හමුව පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී (පෙබරවාරි 06) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එයට අදාළ විශේෂ වැඩසටහන් මාලාවක් අද (12) දින ද ක්‍රියාත්මක විය. මෙම හමුව මෙරට පැවැත්වෙන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට වැඩම කරවන ලද ඓතිහාසික දේව්නිමෝරි (Devnimori) සර්වඥ ධාතූන් වහන්සේලාගේ ප්‍රදර්ශනයට සමගාමීවය.














