රුසියානු රජය එරට අන්තර්ජාල අවකාශය තුළ දැඩි පාලනයක් ඇති කිරීමේ අරමුණින් WhatsApp පණිවුඩ හුවමාරු යෙදවුම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර ආරක්ෂක හේතු මත Telegram යෙදවුමට ද සීමා පැනවීමට රුසියාව කටයුතු කර තිබූ අතර, මෙම නව තීරණය එරට මිලියන 100කට අධික පරිශීලකයින්ට සෘජුවම බලපානු ඇත.














