දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් යටිතල පහසුකම් යළි ගොඩනැගීම සඳහා සංස්ථා සිමෙන්ති ආයතනය මගින් රාජ්‍ය ආයතන වෙත නොමිලයේ සිමෙන්ති බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (12) දින බදුල්ල විල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම පුණ්‍යකර්මය යටතේ නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක පහ සඳහා එක් දිස්ත්‍රික්කයකට සිමෙන්ති කොට්ට 4000 බැගින් සමස්තයක් ලෙස කොට්ට 20,000ක් ලබාදීමට එම සමාගම කටයුතු කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 76ක් වටිනා සිමෙන්ති තොගය බදුල්ල, වැලිමඩ, මහියංගණය, ඌව පරණගම, හාලිඇල, හපුතලේ, බණ්ඩාරවෙල, ලුණුගල, පස්සර, මීගහකිවුල, රිදීමාලියද්ද සහ සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා බෙදාදීමට පියවර ගෙන තිබේ. මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමඟ ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර සහ පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු සංස්ථා සිමෙන්ති ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














