මේ දිනවල මේ දවස්වල මුහුනු පොතේ Viral යන වීඩියෝ එකේ පියුමි හන්සමාලිගේ පුතා ඉදිරියට එන්නෙ රණ්ඩුව නවත්තන්න්ද? පහර දෙන්නද? යන්න දැඩි කතා බහකට ලක්ව තිබෙනවා. පිරිසක් ප්‍රකාශ කරන්නෙ පියුමි හන්සමාලිගේ පුතා ගැටුම අවුලවන්න හදන කෙනා නෙවෙයි. ඒක නවත්තන්නයි ඔහු ඉදිරියට එන්නේ. තමන්ටත් අනතුරක් වෙයි කියන බය තියෙද්දිත්, ඒ අවධානම අරගෙන රණ්ඩුව මැද්දට පැනලා ඒ තත්ත්වය සන්සිඳවන්න උත්සාහ කරනවා කියලා පිරිසක් ප්‍රකාශ කරනවා.
ඒ අතර තවත් පිරිසක් ප්‍රකාශ කරන්නෙ පියුමි හන්සමාලිගේ පුතා වූ පමනින් සුදු හුණු ගාන්න උත්සහ කරන්න එපා නීතිය හරි හැටි ඉටු කිරීමට නිලදාරීන්ට ඉඩ දෙන ලෙසයි.
කෙසේ වෙතත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතානියෝග කළේය.














