මධ්‍යම පළාතේ ජනතාවගේ පානීය ජල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ අලුතින් ස්ථාපිත කළ “පළාත් පානීය ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය” සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) විවෘත කෙරිණි. රජයේ මූල්‍ය දායකත්වයෙන් ඉදිවූ මෙම විද්‍යාගාරය මගින් පළාතේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා යොමු කෙරෙන ජල සාම්පල පරීක්ෂාවට ලක් කර ඒවා පරිභෝජනයට සුදුසු දැයි නිශ්චය කරනු ලබයි. ජලය මගින් පැතිරෙන බෝවන රෝග පාලනයට සහ සනීපාරක්ෂක මට්ටම ඉහළ නැංවීමට මෙමගින් විශාල පිටුවහලක් ලැබෙනු ඇත.
මීට පෙර මධ්‍යම පළාතේ ජල සාම්පල පරීක්ෂා කිරීම සඳහා අනුරාධපුරය හෝ බදුල්ල වැනි ප්‍රදේශවලට යැවීමට සිදුවූ අතර, එමගින් ඇතිවූ ප්‍රමාදයන් සහ දීර්ඝ පොරොත්තු ලේඛන ගැටලුව මෙම නව විද්‍යාගාරය හරහා විසඳෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඉදිරියේදී මෙම විද්‍යාගාරය තවදුරටත් පුළුල් කර, ආහාර සාම්පල පරීක්ෂා කිරීමේ පහසුකම් ද සහිතව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා ඇතුළු වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.














