2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අද පල්ලෙකැලේදී පැවැති තරගයෙන් ඕමානය ලකුණු 105 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව අතිවිශිෂ්ට ජයක් වාර්තා කළේය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 224ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ අතර, එහිදී නායක දසුන් ශානක පන්දු 19කදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් තමන් සතු පැරණි වාර්තාව බිඳ දැමීම විශේෂත්වයකි. මීට අමතරව කුසල් මෙන්ඩිස් (61) සහ පවන් රත්නායක (60) දක්ෂ පිතිහරඹයක නිරත වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට ලබාගත හැකි වූයේ ලකුණු 120ක් පමණක් වන අතර, පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළහ.














