හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය ඊසාන දිශාවෙන් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා වේ. කෙසේ වෙතත්, බේරුවල සිට කොළඹ, පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45 සිට 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.














