කොළඹ බොරැල්ල, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ තාප්පයක් අද (12) හදිසියේ කඩා වැටීමෙන් එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. විද්‍යාලය අසල පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් ඉඩමක ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව තිබූ බැකෝ යන්ත්‍රයක් පාසල් තාප්පයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ තාප්පය අසල රැඳී සිටි සිසුන් තිදෙනා ඒ යටට හසුවී ඇති බව වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














