අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද (12) පෙරවරුවේ බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසැලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පළමු වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව ගුරුවරුන් සහ සිසු සිසුවියන් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.
විදුහල්පති ප්‍රසාද් වන්නිආරච්චි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් විසින් අග්‍රාමාත්‍යවරිය ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සදරුවන් මදරසිංහ සහ තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කල්‍යාණි ගොඩකන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














