2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ 17 වැනි තරගය ලෙස නේපාලය සහ ඉතාලිය අතර තරගය අද (පෙබරවාරි 12) මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඉතාලි කණ්ඩායමේ වැඩබලන නායක හැරී මැනෙන්ටි (Harry Manenti) ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබා සිටියදී තරගය මදකට නතර විය. කුෂාල් බුර්ටෙල් ලකුණු 5කට දැවී ගිය අතර, මේ වන විට නේපාල නායක රෝහිත් පෝඩෙල් සහ ආසිෆ් ෂෙයික් පිටියේ රැඳී සිටිති. ඉතාලි නිත්‍ය නායක වේන් මැඩ්සන් (Wayne Madsen) ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි.














