ට්වා (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට සිදු වූ දැඩි බලපෑම සහ ඉන් විපතට පත්වූවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ අවධානය යොමු වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) රැස්වූ මෙම කාරක සභාවේදී අදාළ රාජ්‍ය ආයතන වෙත නව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇත.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:
- වාර්තා ඉදිරිපත් කිරීමේ නියෝග: සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව දත්ත සහිත සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට නියම කළේය.
- වන්දි ලබා දීම: ආපදාවට ලක් වූ ධීවරයින්ට දැනට වන්දි ලබා දී ඇති ආකාරය සහ ඉදිරියේදී වන්දි ලබා දීමට නියමිත ක්‍රමවේදය පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී නිර්දේශ විය.
- සහභාගීත්වය: ලංකා ධීවර සංස්ථාව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ඉහළ නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන් සහ සුදත් බලගල්ල ඇතුළු පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.














