ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද උදෑසන තාවකාලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු දැන් නැවත ආරම්භ කර තිබේ. දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු මෙම සේවාවන් යළිත් ක්‍රියාත්මක වන බවයි.
මීට පෙර පළ වූ පුවත් මගින් සේවා සැපයීම ලබන සඳුදා දක්වා කල් යන බව ප්‍රකාශ වුවද, නවතම නිවේදනයට අනුව පද්ධතිය යථා තත්ත්වයට පත් කර සේවාවන් සපයනු ලැබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය මහජනතාවට පහත දුරකථන අංක හෝ වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක:
දුරකථන අංක: 011 210 1540 / 011 210 1545














