ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සහතික කිරීම සඳහා වන උපාය මාර්ගික සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමේදී ප්‍රධාන දුම්රිය ස්ථාන හරහා අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් දුම්රිය මාර්ග පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව ඉලෙක්ට්‍රික් බස් රථ හඳුන්වා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බවත් ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කර ඩිජිටල් ගෙවීම් ක්‍රමය විධිමත් කිරීම කෙරෙහිත් මෙහිදී අවධානය යොමු කර ඇත.














