2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ දාහත්වැනි තරගය ලෙස නේපාලය සහ ඉතාලිය අතර අද පැවති තරගයෙන් කඩුළු 10ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉතාලි කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියලුම කඩුළු දැවී ලකුණු 123ක් ලබා ගත්තේය. නේපාල ඉනිම වෙනුවෙන් අරිෆ් ෂෙයික් ලකුණු 27ක් ද, රෝහිත් පෝඩෙල් ලකුණු 23ක් සහ ආසිෆ් ෂෙයික් ලකුණු 20ක් ද රැස් කළ අතර කරන් කේසී නොදැවී ලකුණු 18ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉතාලි කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සපුරාගනිමින් තරගයේ ජය තහවුරු කරගත්තේය.














