2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය ලෙස අද (12) පැවැති ඉන්දු – නැමීබියා ගැටුමෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව සිය ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.
කාසියේ වාසිය දිනූ නැමීබියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. ඉන්දීය ඉනිම ශක්තිමත් කළ ඉෂාන් කිෂාන් ලකුණු 61ක් සහ හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 52ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී නැමීබියාව වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ ගෙරාර්ඩ් ඉරැස්මස් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 210ක අසීරු ඉලක්කයක් හඹාගිය නැමීබියා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 116ක් පමණි. පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්ති කඩුලු 3ක් ද, හාර්දික් පාණ්ඩ්‍යා සහ අක්ෂාර් පටෙල් කඩුලු 2 බැගින් ද දවාගනිමින් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළහ. හාර්දික් පාණ්ඩ්‍යා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වීම මෙම තරගයේ විශේෂත්වයකි.














