දකුණු පළාතේ ප්‍රමුඛ පෙළේ ආගමික මධ්‍යස්ථාන කිහිපයකම විහාරාධිපති ධුරය හොබවමින් වටිනා ශාසනික සහ සමාජීය මෙහෙවරක නිරත වූ කනංකේ රජමහා විහාරාධිපති, අපවත් වී වදාළ කනංකේ විමලඥාන නායක ස්වාමීන් වහන්සේ අද (13) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 වැනි වියේ පසුවූහ.
කනංකේ රජමහා විහාරය, පැනෑටියන චේතියාරාමය සහ නිමලව ශ්‍රී විජයාරාමය යන විහාරත්‍රයේම විහාරාධිපති ධුරය හෙබවූ උන්වහන්සේ, සමස්ත ලංකා සාම විනිසුරුවරයෙකු මෙන්ම හිටපු පාඨශාලාචාර්යවරයෙකු ලෙස ද ප්‍රදේශයේ අධ්‍යාපන සහ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළහ. උන්වහන්සේගේ අපවත්වීම එම ප්‍රදේශයේ සැදැහැවත් ජනතාවට මෙන්ම සම්බුද්ධ ශාසනයට ද පිරිමැසිය නොහැකි පාඩුවකි.
අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා කනංකේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබේ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට, එනම් පෙබරවාරි 14 වන ඉරිදා පස්වරුවේදී කනංකේ රජමහා විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිත බව ආදාහන කමිටුව නිවේදනය කර සිටියි.














