එළඹෙන අප්‍රේල් මාසයේ සිට වාහන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. අප්‍රේල් මස පළමුවනදා සිට වාහන නිෂ්පාදනයේදී පවතින බදු මුදල් ඉහළ දැමීම මෙලෙස වාහන මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුව බව එම සංගමය සඳහන් කරයි.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරුජ් රොද්‍රිගෝ අද (13) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මේ වන විට 1.25%ක්ව පවතින නිෂ්පාදන බද්ද අප්‍රේල් මස පළමුවනදා සිට 2.5%ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවයි. නිෂ්පාදන බද්ද මෙලෙස දෙගුණයකින් වැඩිවීමත් සමඟ වෙළඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














