කාර්යක්ෂමතාව ගිලිහී ගිය සහ බරපතළ විගණන ගැටලු පවතින රාජ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් හදිසි පරීක්ෂාවන් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) තීරණය කර තිබේ. මූල්‍ය විනය පවත්වාගෙන යාම සහ මහජන මුදල් අවභාවිතය වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ගැටලුකාරී ආයතන රැසක් ඉදිරි කාලයේදී කෝප් කමිටුවේ සෘජු විමර්ශනයට ලක් වනු ඇත.
විශේෂයෙන්ම විගණන වාර්තාවල නිසි පරිදි කරුණු ඉදිරිපත් නොකරන සහ දිගින් දිගටම අකාර්යක්ෂම ලෙස පවත්වාගෙන යන ආයතන පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. මෙම හදිසි පරීක්ෂණ මාලාව හරහා රාජ්‍ය ආයතනවල පවතින දූෂණ සහ අක්‍රමිකතා අනාවරණය කර ගැනීමටත්, ඒවා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදා ඇත.














