පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පළ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදී සිටි පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පොලිසිය ඒකාබද්ධව ඊයේ (12) දින මෙම පරීක්ෂාවන් සිදුකර ඇත්තේ පිළියන්දල නගරය හරහා ධාවනය වන සහ එතැනින් ගමන් ආරම්භ කරන බස් රථ ඉලක්ක කර ගනිමිනි.
මෙම මෙහෙයුමේදී රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 දෙනෙකු විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කැස්බෑව – පිටකොටුව (120), ගල්කිස්ස – කොට්ටාව (255), පිළියන්දල – බණ්ඩාරගම (162), පිළියන්දල – මහරගම (341) ඇතුළු මාර්ග කිහිපයක ධාවනය වන බස් රථ සේවකයන් මෙලෙස පරීක්ෂාවට ලක් වූ පිරිසට ඇතුළත් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














