රෝහල් සේවා මණ්ඩලයේ මැදිහත් වීමෙන් රුපියල් මිලියන 05ක් පමණ වටිනා නවීන වෛද්‍ය උපකරණ තොගයක් කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත අද (13) නිල වශයෙන් පරිත්‍යාග කෙරුණා. මෙම උපකරණ පද්ධතිය ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බන් නගරවල පදිංචි රෝහල් සේවා මණ්ඩලයේ පරිත්‍යාගශීලීන් පිරිසක් විසිනි.
රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම සහ අනුශාසකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ කොත්මලේ ප්‍රදේශයේ වතු ආශ්‍රිත සහ ග්‍රාමීය ජනතාවට වඩාත් ගුණාත්මක වෛද්‍ය සේවාවක් සලසා දීම සඳහා අවශ්‍ය රෝහල් යටිතල පහසුකම් වර්ධනය කිරීමයි. කොත්මලේ ප්‍රාදේශීය රෝහල් භාර වෛද්‍ය නිලධාරී නිමේෂ් වීරතුංග මහතා ඇතුළු වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප්‍රදානය භාර ගැනීමේ අවස්ථාවට එක්ව සිටි අතර රෝහල් සේවා මණ්ඩලය හරහා පසුගිය කාලසීමාව තුළ මෙරට විවිධ රෝහල් සඳහා විදේශීය ආධාර මත වෛද්‍ය උපකරණ රැසක් ලබා දී ඇති බවද මෙහිදී සිහිපත් කෙරුණා.














