ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කර තිබේ. ඊට අදාළ නිල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ ප්‍රවීණ නිලධාරියෙකු වන වරුණ ශ්‍රී ධනපාල මහතා, 2024 නොවැම්බර් 29 වැනිදා සිට එම අමාත්‍යාංශයේම වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය. මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමේ රජයේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීමක් මින් ඉදිරියට ඔහු වෙත පැවරෙනු ඇත.














