2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අද (13) රාත්‍රියේ පැවැත්වෙන නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව නෙදර්ලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. මේ අනුව අමෙරිකානු කණ්ඩායම පළමුව පිත්තෙන් දස්කම් දැක්වීමට පිටියට පිවිසෙනු ඇත. දෙරටේ ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමුව ඇති මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතව තිබිණි.














