වැලන්ටයින් දිනය නිමිත්තෙන් කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ කැසිනෝ සමාජ ශාලා සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන අධික මිල ගණන් සහිත ප්‍රවේශ පත්‍ර මධ්‍යයේ සංගීත ප්‍රසංග සහ සාදවලින් පිරී පවතී. මෙවර පෙබරවාරි මාසය ඉලක්ක කරගනිමින් විදේශීය නළු නිළියන් සහ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂාංග රැසක් සංවිධානය කර ඇති අතර කොළඹ රාත්‍රී ජීවිතය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
කොළඹ සුප්‍රසිද්ධ ‘බැලීස්’ (Bally’s) විනෝදාස්වාද මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් “Bally’s Lucky in Love” නමින් සුවිශේෂී වැලන්ටයින් සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී ඉන්දීය සුපිරි තරු රැසක් මෙරටට පැමිණීමට නියමිතය. පෙබරවාරි 13 වනදා ප්‍රසිද්ධ නළු රාහුල් දේව් සහ මුග්ධා ගොඩ්සේගේ සහභාගීත්වයෙන් සැමරුම් ඇරඹෙන අතර, වැලන්ටයින් දිනය යෙදෙන පෙබරවාරි 14 වනදා ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුවක් වන හර්බජන් සිං සහ ඔහුගේ බිරිඳ වන ගීතා බස්රා විශේෂ අමුත්තන් ලෙස එක්වීමට නියමිතය.
මෙම සැමරුම් මාලාව අවසන් කරමින් පෙබරවාරි 15 වනදා ජාත්‍යන්තර කීර්තියට පත් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ සජීවී සංගීත ප්‍රසංගයක් පැවැත්වේ. කොළඹ නගරයේ ප්‍රමුඛතම විනෝදාස්වාද ගමනාන්තයන් මෙලෙස සංගීතයෙන් සහ ග්ලැමර් (Glamour) අංගවලින් වර්ණවත් වන අතර, මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ද වාර්තා වේ.














