කරුවලගස්වැව විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තේරී පත්කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් ජාතික ජන බලවේගය (මාලිමාව) විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. එහි සමස්ත මහ සභා නියෝජිත ධුර 68 න් 42 ක්ම දිනා ගැනීමට මාලිමාව නියෝජනය කළ කණ්ඩායම සමත් වී ඇත.
මෙම නිලවරණයේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම්වලට ලබා ගැනීමට හැකි වී ඇත්තේ නියෝජිත ධුර 26 ක් පමණි. ඒ අනුව කරුවලගස්වැව සමුපකාරයේ ඉදිරි පාලන බලය මෙහෙයවීමේ වැඩි අවස්ථාවක් මාලිමාව සතු වී තිබේ.
















