සත්ව ගොවිපළවල විවිධ හේතූන් මත මියගිය කුකුළන්, සත්ව ආහාර සඳහා රැගෙන යන බව පවසා මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කළ ජාවාරමක් ආණමඩුව ප්‍රදේශයේදී වටලා තිබේ. ආණමඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිල් චාමර හේමචන්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේදී, අලෙවිය සඳහා සූදානම් කර තිබූ මියගිය කුකුළු මස් කිලෝග්‍රෑම් 75ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයා සහ මස් ප්‍රවාහනය කළ පුද්ගලයින් ඇතුළු තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ. පාරිභෝගික ජනතාව මෙවැනි අහිතකර ආහාර මිලදී ගැනීමේදී වඩාත් විමසිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.














