අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක දෛනික සෝදිසි මෙහෙයුම්වලදී ගතවූ පැය 24 තුළ සැකකරුවන් 560 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඊයේ (14) දින සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී පුද්ගලයින් 30,855 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 19 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 113 දෙනෙකු හඳුනාගෙන ඇත.
මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 374 දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය පැදවූ පුද්ගලයින් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 4,102 නෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.















