සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවූ පුද්ගලයන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “මම මට ආදරෙයි 2026” වැඩසටහන ඊයේ (පෙබරවාරි 14) දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ විය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක ඒකාබද්ධ ප්‍රයත්නයකි.
අධිකරණය මගින් ප්‍රජා විශෝධන ක්‍රියාවලියට යොමු කළ පුද්ගලයන් මෙන්ම ස්වේච්ඡාවෙන් විශෝධනය වීමට කැමැත්ත පළ කළ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. “සතුටු පවුලක් – නිදහස් ජීවිතයක්” යන්න තේමාව කර ගනිමින් ඔවුන්ගේ ආකල්ප වර්ධනය කිරීම සහ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් හරහා මානසික නිදහස උදාකර දීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ, මොරටුව සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. සාම්ප්‍රදායික බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජා මට්ටමින් සිදුකරන මෙම විශෝධන ක්‍රියාවලිය හරහා අපරාධ අවම කිරීමේ නව ප්‍රවේශයක් අධිකරණ අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.












