ඇඟලුම් කර්මාන්තය සඳහා නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය විසින් සංවිධානය කරනු ලබන නව මැහුම් පාඨමාලාවක් අනුරාධපුර මධ්‍යස්ථානයේදී ආරම්භ කර ඇත. බැරන්ඩිනා (Berendina) ආයතනය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් පාඨමාලාව හදාරන තරුණ තරුණියන්ට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සහ ව්‍යවසායකත්ව ප්‍රවේශයන් ලබා දීමට අපේක්ෂිතය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගත් සිසුන් පිරිසක් මේ සඳහා සහභාගී වන බව තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පාඨමාලාව ආරම්භ කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ, 2025 වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් කර්මාන්තය හරහා ඇමරිකානු ඩොලර් බිලියන 5.2ක ආදායමක් උපයා ඇති බවයි. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි වෘත්තීය පුහුණු පාඨමාලා අත්‍යවශ්‍ය බවත්, එමගින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන අරමුණ කරා යාමට ශක්තියක් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














